ලයිසන් ගන්න පෝලිමේ ඉන්න කාලේ ඉවරයි! අවුරුද්දට කලින් ලැබෙන ලොකු සහනය මෙන්න.

රියැදුරු බලපත්‍රයක් ගන්න පහුගිය කාලේ මිනිස්සු විඳපු දුක දැන් ඉවර වෙන්නයි යන්නේ. 

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසන්නේ ලබන අප්‍රේල් මාසයේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට කලින් දිස්ත්‍රික් 25 පුරාම Online (මාර්ගගත) ක්‍රමයට රියැදුරු බලපත්‍ර නිකුත් කරන බවයි.

දැනට දිස්ත්‍රික් 11ක පමණක් ක්‍රියාත්මක වන මෙම Online සේවාව, ඉතිරි දිස්ත්‍රික් 14ටත් කඩිනමින් ලබා දීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අලුත් වැඩපිළිවෙළත් එක්ක ඕනෑම අයෙකුට මාසයක් ඇතුළත තමන්ගේ රියැදුරු බලපත්‍රය අතටම ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ බලපත්‍ර මුද්‍රණය සඳහා මෙතෙක් පෞද්ගලික සමාගම්වලට ගෙවූ අතිවිශාල මුදල ඉතිරි කර ගැනීමට තීරණය කිරීමයි.

පසුගිය වසරේ පෞද්ගලික සමාගමකට රුපියල් මිලියන 184ක් ගෙවා ඇත.

මේ වසරේ සැලසුම රුපියල් මිලියන 28ක් පමණක් වැය කර නව සමාගමක් හරහා සේවාව ලබා ගෙන, දෙපාර්තමේන්තුව විසින්ම මුද්‍රණ යන්ත්‍ර මිලදී ගෙන බලපත්‍ර මුද්‍රණය කිරීමයි.

මේ හරහා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි වනවා සේම, ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post