
මේ සතුටු හිතෙන ආරංචිය උසස් පෙළ සමත් සිසුන්ට.
මෙරට උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට වාර්ෂිකව ජපානයේ රැකියා අවස්ථා 10,000ක් ලබාදීමට ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයකු කැමැත්ත පළ කර ඇති අතර, ඊට අදාළව අවබෝධතා ගිවිසුමට ද පසුගියදා අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයාට සහ රජයට ප්‍රශංසා කරමින් වාර්ෂිකව මේ රැකියා අවස්ථා 10,000ක් පිරිනැමීමට තීරණය ඇත.
උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ තරුණ පිරිස් මේ සඳහා තෝරා ගැනෙන අතර, අදාළ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනික සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරිය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි, සුදුසුකම් ලත් පිරිස් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.
ඔවුන් වයස අවුරුදු 20ත් 28ත් අතර විය යුතුය. අ.පො.ස. (උසස්/පෙළ) දක්වා අධ්‍යාපනය ලබා තිබීම අනිවාර්ය වේ.
අයැදුම්කරුවන් ජපන් භාෂාව හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකෙන අතර, මේ සඳහා සියලු බඳවා ගැනීම් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියෙන් සිදු කරයි.