මෙහෙමත් සිදුවීම් වෙන්න පුළුවන්ද..? කවුරු අපිව දාලා ගියත් ඔවුන් එහෙම කරන්නේ නැහැ.. අම්බොක්කෙන් ඇසෙන ඒ කඳුළු කතාව මෙන්න..


ගිමන නිවූ දිය පොදම සැණෙකින් ජීවිතවලට කඩා වැදී මහා ව්‍යසනයක් සිදු කළ ඒ ආපදාවේ කඳුළු තවමත් වියැකී නැහැ.

පණ මෙන් ආදරය කළ තම මව, පියා, දූ දරුවන්, සැමියා, බිරිඳ ආච්චි සීයා සඳහටම පස් අතර සිරවෙද්දී පූරුවේ පිනකට ජීවිත ගලවා ගත් තවත් පිරිසක් තම ප්‍රියයන්ගේ වියෝව දරාගත නොහැකිව දවස පුරාවට කඳුළු සලමින් සිටිනවා.

ප්‍රියයන්ගේ වෙන් වීම මිනිස් සිතකට දරා ගත නොහැකි වේදනාවක් වන්නේ යම් සේද ඒ ආකාරයෙන්ම තමන් ආදරය කළ, තමන්ට ලෙන්ගතු වූ ආදරණීයන්ගේ වෙන්වීම සතුන්ටද දරා ගැනීමට නොහැකි වේදනාවක්.

එකී වේදනාව උරුම වූ බලු පැටවෙක් තමන් ඇති දැඩි කළ නිවසේ සියලු දෙනා රුදුරු පස් යටට මිහිදන් වී යද්දී ඔවුන්ගේ නිසල සිරුරු සොයා ගැනීමට සමත් වූ ඛේදනීය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ මාතලේ දිස්ත්‍රික්කයේ, පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බොක්ක ගම්මානයෙන්.

පසුගිය නොවැම්බර් 27 වැනිදා සිදු වූ දරුණු නාය යෑමෙන් එම ගම්මානයේ පවුල් කිහිපයක්ම පස් අතර සැඟව ගියා.

ඒ පවුල් අතර මෙම සුරතලා ඇති දැඩි කළ පවුලේ පිරිසද ඇතුළත්.

මෙම පවුලේ සාමාජිකයින් මෙම රුදුරු ආපදාවට බිලි වෙද්දී ඔවුන් සොයා ගැනීම අති දුෂ්කර කාර්‍යක් වුණා.

එම අසීරු මොහොතේ තමන්ට ආදරය කළ නිවැසියන් පස් ‍යට සැඟව ගිය තැන් සොයා දීමට මෙම සුරතලා සමත් වී තිබෙනවා.

ඒ බලන් සිටි සියලු දෙනාගෙම ඇස්වලට කඳුළක් එක් කරමින්.

තමන්ට බත් විඩක් හෝ ලබා දුන්, තමන්ට ලෙන්ගතු කම් දැක්වූ නිවැසියන්ගේ හුස්ම නතර වීම මෙම සුරතලාටත් දරාගත නොහැකි වේදනාවක් වන්නට ඇති.

තම නිවසේ ලෙංගතු හිත් පොළොව යට සැඟව යද්දී, අවට මිනිසුන්ටද තම නිවැසියන් සොයා ගැනීම දුෂ්කර වෙද්දී, ඔවුන් උත්සාහයන් අත්හරිද්දී ඒ ලෙංගතු මුහුණු මේ සුරතලාගේ ඇස් ඉදිරිපිට මැවෙන්න ඇති.

අපට වේදනාව වචනයෙන් ප්‍රකාශ කළ හැකි වුවත්, උදව් ඉල්ලා කෑ ගැසිය හැකි වුවත්, සිත තුළ තෙරෙපෙන සිතුවිලි වචන ලෙස අනෙකාට දැනවිය හැකි වුවත් මේ සුරතලා කෙසේනම් තම හිතවතුන් නැති දුක, ඔවුන් සොයා දෙන ඉල්ලීම සිදු කරන්නද?

ඉවසා බැරිම පස්වලට යටව ගිය තම හුරුපුරුදු නිවසේ ලෙංගතු ඇස් මවාගෙන ඔවුන්ව සොයන්න මේ සුරතලා යොමුවන්න ඇති.

අවසානයේ තමන්ට සෙවණ දුන් නිවසේ පිරිසගේ නිසල සිරුරු සොයා ගැනීමට මේ සුරතලා සමත් වූයේ, අමාරුම තැන් වලදී බොහෝ හිත්වලට අපව අමතක වුවත්, ඇති දැඩි කළ සුරතලා කිසිදිනෙක අප අත් නොහරින බවට ලොවටම පසක් කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post