.png)
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලුඅග්ගල - කිතුල්වල කන්දේ තැනින් තැන දින කිහිපයක සිට දක්නට ඇති පැලුම් හා ඉරිතලා යාම් හේතුවෙන් නායයාමේ අවදානමක් උද්ගතවිය හැකි බවට සැක කරන හෙයින් කන්ද අවට ගම්මාන කිහිපයක වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථානයන්හි නවතා තැබීමට බලධාරීහු පියවර ගත්හ.
කලුඅග්ගල, කිතුල්වල, ඉහලගම, පහලගම, නයිංගල, වල්පලමුල්ල, පෙදෙස්වල පදිංචිකරුවෝ සියයකට වැඩි පිරිසක් මේ වනවිට කලුඅග්ගල පුරාණ විහාරයේ හා නයිංගල විහාරස්ථානයේ රැදී සිටිති.
තවත් සමහරු හිතවතුන්ගේ නිවෙස්වල රැදි සිටින බව දැනගන්නට ලැබිනි. මීරිගම ගුවන් හමුදා කදවුර පිහිටා ඇත්තේද මෙම කදුබිමේය.
දින කිහිපයක සිට පැවති පැලුම ක්‍රමක්‍රමයෙන් විශාල වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු සදහන් කළහ. විශාල ගසක මුල අසලින් තිබූ පැලුමෙන් එම ගසේ මුල කැඩී ඇති බවද නිරීක්ෂනය වී ඇත.
කලුඅග්ගල කිතුල්වල කන්දේ තැනින් තැන පවතින පැලුම් හා කුහර සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය මගින් මූලික පරීක්ෂණයක් පවත්වන ලද අතර එමගින් ලැබෙන වාර්තාවව අනුව ඉදිරි පියවර ගන්නා බව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.