මේ අයට හෙටත් තවත් දීමනාවක් බැංකුවට

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දෙසැම්බර් මස දීමනාව බැංකුගත කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනුයේ , හෙට (18) සිට අස්වැසුම බැංකු ගිණුමෙන් වැඩිහිටි දීමනාව අදාළ ප්‍රතිලාභීන්ට ලබාගත හැක බවය.

පසුගිය ඔක්තෝබර් මසදී වැඩිහිටියන් 616,346කට මෙම දීමනාව හිමි වූ අතර, ඒ සඳහා රජය 3,081,730,000 (බිලියන 3කට වැඩි)ක මුදලක් වෙන්කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post