
ඔන්ඩැන්සෙට්රන් එන්නත විෂ වී යැයි මියගිය මතුගම සඳුමිණි දිව්‍යාංජලීට (23) සාධාරණයක් ඉටුවිය යුතු යැයි දෙමාපියෝ හා ඥාති හිතවත්හු ඉල්ලා සිටිති. සඳුමිණි පසුගිය 12 වැනිදා උණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට ගොස් ඇත. එහිදී ඇය පරීක්ෂා කළ බාහිර ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරුන් එන්නත ලබාදී ඇඳන් නොමැති වීම හේතුවෙන් රෝහලට ඇතුළත් කරගෙන නැත. පසුව රෝගියා ආපසු යෑමට සැරසෙද්දී ක්ලාන්ත වී ඇත.
ඉන්පසු රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇති අතර ඉකුත් 14 දා මියගොස් ඇත.
සඳුමිණි දිව්‍යාංජලී මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාල ජාතික පාසලේහි දීප්තිමත් සිසුවියක් ලෙසින් කටයුතු කළ පාසලේ ක්‍රිස්ටෝපියන් බාලදක්ෂ සමුහයේ ජනාධිපති බාලදක්ෂිකාවකි. මියයන විට පෞද්ගලික සමාගමක සේවයේ නියුතුව සිටියාය. මියගිය දැරිය වෙනුවෙන් සාධාරණයක් ඉටුකරනා ලෙස මෙන්ම මින් ඉදිරියට මෙවැනි අවිධිමත් ක්‍රියාත්මකවීම් හේතුවෙන් ජනතාවගේ ජීවිත අහිමිවීම් වලට ඉඩ නොතබන ලෙසත් දැරියගේ දෙමාපියන් ඇතුලු ඥාති හිතවත්හු සෙෘඛ්‍ය බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.
මතුගම – අරුණ ජයසේකර