ඔයාටත් ලක්ෂ ගානක වැටුපකට රජය හරහා ඊශ්‍රායලයට යන්න අලුත් චාන්ස් එකක් - මෙන්න විස්තරේ

ශ්‍රී ලංකා රජය අනුමත කළ නව ගිවිසුමක් යටතේ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා රැසක්  විවෘත වී ඇති  බව රජය  පවසයි.

මෙම ගිවිසුමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ඇති අතර, එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායලයේ වාණිජ හා සේවා අංශ (Commercial and Service Sectors) සඳහා තාවකාලික සේවයේ යෙදවිය හැකි වනු ඇත.

පෙර ඇති එකඟතාවයන් යටතේ, ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගෘහස්ථ රැකවරණ, කෘෂිකර්ම සහ ඉදිකිරීම් ආදී අංශ සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට අදාළ ක්‍රියාත්මක සැලසුම් කෙරෙහි වරින් වර අත්සන් තබා තිබුණි.

නව ගිවිසුම මගින් ඒවාට අමතරව වාණිජ හා සේවා අංශවලද ශ්‍රී ලාංකිකයන්ගේ සේවයට අවස්ථා ලබාදීමට ඊශ්‍රායල් රජය නිල වශයෙන් කැමැත්ත ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, මෙම නව ගිවිසුම මඟින් විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වාණිජ හා සේවා අංශවල රැකියා සඳහා යෙදවිය හැකි වන අතර, එය ශ්‍රී ලාංකිකයන්ට ලැබුණු නවතම විදේශ රැකියා අවස්ථාවක් ලෙස සැලකේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post