බලන්න ඔබත් මේ අතර ඉන්නවාද කියලා.. මෙරට පවුල් ලක්ශ ගණනකගේ බැංකු ගිණුම් වලට ලැබෙන ප්‍රතිලාභය..


පැවැති ආපදා තත්ත්වය නිසා වී ගොවීන්ට සිදුවූ වගා හානි වෙනු­වෙන් රුපි­යල් කෝටි 153.5ක් මේ වන විට එම ගොවීන්ගේ බැංකු ගිණු­ම්ව­ලට බැර­කි­රී­මට කට­යුතු යෙදූ බව ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රාල් ධම්මික රණ­තුංග පවසනවා.

වගා­හානි සිදුවූ කුඹුරු හෙක්ට­යාර 44, 000ක් වෙනු­වෙන් ගොවී­න්ගෙන් අය­දුම් පත් ලැබී අතර එම කුඹුරු බිම් නිරි­ක්ෂ­ණ­යෙන් පසු මෙම වන්දි මුදල් ගෙවීම් මෙම 30 වැනි­දාට පෙර සිදු කරන බව ද ඔහු සදහන් කළා.

සිදු වූ වගා හානි සම්බ­න්ධ­යෙන් වී ගොවී­න්ගෙන් මෙන්ම අනෙ­කුත් වගා­වන් විනාශ වූ ගොවී­න්ගෙන් අය­දු­ම්පත් මේ වන විටත් ලැබෙ­මින් පව­තින බව ද රණ­තුංග මහතා පවසනවා.

සිය­ලුම දිස්ත්‍රි­ක්ක­යන්හි ගොවීන්ට වගා හානි සිදුවී ඇති අතර ඒ අත­රින් වී සහ බඩ­ඉ­රිඟු ගොවීන් සඳහා හෙක්ට­යා­ර­ය­කට රුපි­යල් 150, 000ක දීම­නා­වක්ද, එළ­වළු සහ වෙනත් භෝග සඳහා හෙක්ට­යා­ර­ය­කට රුපි­යල් ලක්ෂ 02 ක මුද­ලක්ද හිමි වේ.

ගොවි ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව විසින් අදාළ වන්දි මුදල ගොවි බැංකු ගිණු­ම්ව­ලට සෘජු­වම බැර කිරී­මට නිය­මි­තයි.

මේ වන විටත් වගා­හානි දීම­නාව සඳහා අය­දුම් නොකළ ගොවීන් වේ නම් අදාළ අය­දු­ම්පත ප්‍රදේ­ශයේ කෘෂි­කර්ම පර්යේ­ෂණ නිෂ්පා­දන සහ­කාර වෙතින් ලබා­ගෙන එය ප්‍රදේ­ශයේ ගොවි සංවි­ධා­න­වල ලේකම්/සභා­පති, ආර්ථික සංව­ර්ධණ නිල­ධාරි හෝ සමෘද්ධි නිල­ධාරි සහ කෘෂි­කර්ම උප­දේ­ශ­කගේ අත්ස­නින් යුතුව කෘෂි­කර්ම පර්යේ­ෂණ නිෂ්පා­දන සහ­කාර වෙත කඩි­න­මින් ලබා­දෙන ලෙසද ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ඉල්ලී­මක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post