පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න


මේ අලුත් අවුරුද්දේ පාසල් කාලච්ඡේද ගැන ඇහෙන අලුත්ම කතාව.

පන්ති කාමරය තුළ සිදු කරන ඇගයීම් ක්‍රමවේදයේ දී, ගුරුවරයාට ඇගයීම් කටයුතුත් සිසුන්ට අධ්‍යයන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කිරීම සඳහාත් එක් කාලපරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට සිදු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරනවා.

අගමැතිනිය මේ අවධාරණය කළේ අද ඉසුරුපායේදී,අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වන විට පැන නැඟී ඇති ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර පැවති සාකච්ඡාවකදීයි.

2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම නිසා ඇති වන ගැටලු වෘත්තීය සමිති සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍යවරිය හමුවේ ඉදිරිපත් කරන කළා.

එහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, එය පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයක් බවයි.

නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අනුව පන්ති කාමරය තුළ සිදු කරන ඇගයීම් ක්‍රමවේදයේ දී, ගුරුවරයාට ඇගයීම් කටයුතුත් සිසුන්ට අධ්‍යයන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කිරීම සඳහාත් එක් කාලපරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට සිදු වන බව හරිනි අමරසූරිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එහිදී වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාවේ දී පසුගිය දිනවල සිදු වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් පාසල් යළි ගොඩනැඟීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු අතර මේ වන විටත් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයේ ඇති පාසල් කඩිනමින් යථා තත්ත්වයට පත් කර, එම ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු වුණා.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post