.png)
මේ ආපදා හේතුවෙන් වැසුණු පාසල් යළි විවෘත වෙන දවස ගැන සිදු කෙරෙන දැනුම් දීමක්...
03 වන පාසල් වාරයේ 02 වන කොටස සඳහා බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත්වල සියලු පාසල් දෙසැම්බර් 16 වනදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.
ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ ආපදා තත්ත්වය නිසා නැවතුණු උසස් පෙළ විභාගය ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වෙන බවයි.
මේ අතර 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග 2026 පෙබරවාරි 14 සිට මාර්තු 02 දක්වා පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
එමෙන්ම තෙවන වාර විභාගය නොපැවැත්වෙන බවත් 11වන ශ්‍රේණියට පමණක් විභාග පෙරහුරුවක් පැවැත්වෙන බවයි ලේකම්වරයා මෙහිදී පවසා සිටියේ.
දෙසැම්බර් 16 වැනිදා විවෘත නොකරන පාසල් පහතින් දැක්වේ.
දෙසැම්බර් 16 වැනිදා විවෘත නොකරන පාසල්