-modified.png)
අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හමුවේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින අවස්ථාවක පාරිභෝගිකයින් මුලාවට පත් කරමින් , මිළ ප්‍රදර්ශනය නොකොට අධික මිලකට එළවලු අලෙවි කළ වෙළඳුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.
මිළ ගණන් ප්‍රදර්ශනය නොකොට එළවලු අධික මිලට අලෙවි කරන බවට ලද පාරිභෝගික පැමිණිලි මත ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ සහ මීගමුව යන ප්‍රදේශවල එළවලු වෙළදසල් 25 ක් පරීක්ෂාවට ලක් කිරීමට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතා පැවසීය.
අත් අඩංගුවට ගනු ලැබූ එළවලු වෙළඳුන්ට එරෙහිව , මිල ප්‍රදර්ශනය නොකිරීම සහ සලකුණු කොට තිබූ මිලට වඩා වැඩ් මිලට අලෙවි කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවත් නියම කරනු ලබන දිනකදී මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල යන මහේස්ත්‍රාත් අධිකරණයන් හමුවේ පෙනී සිටීමට යටත්ව චූදිතයින් බැදුම්කර ඇප මත මුදාහළ බවත් දිස්ත්‍රික් ප්‍රධානීවරයා සදහන් කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සහ ගම්පහ දිසාපති ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතාගේ මෙහෙයවීම යටතේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදු කොට ඇත.
(තිලකරත්න දිසානායක)
(තිලකරත්න දිසානායක)