
මස හයක් වයසැති තම බිළිඳා ඝාතන කිරීමේ චෝදනාවට, බිළිඳාගේ මව සහ ඇයගේ සමලිංගික සහකරු අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
බිළිඳාගේ පියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බව සහ ඇයගේ සමලිංගික සහකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම මස මුලදී තමිල්නාඩුවේ, ක්‍රිෂ්ණගිරි ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදුව ඇති ආතර, මව්කිරි දෙන අතරතුර බිළිඳා මිය ගොස් ඇති බවට මව ප්‍රකාශ කිරීමත් සමඟ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා බිළිඳාගේ දේහය භූමදාන කිරීමට අවසර ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් දින කිහිපයකට පසු බිළිඳාගේ පියා පොලිසියට පැමිණ කියා සිටියේ දරුවාගේ මව සහ තවත් කාන්තාවක් අතර සම්බන්ධතාවයක පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ ජංගම දුරකථනයේ තිබී සොයා ගත් බවයි.
මොවුන් දෙදෙනාගේ මෙම සමලිංගික සම්බන්ධතාවයට සම්බන්ධ පීඩනය හේතුවෙන් දරුවා ඝාතනය කරන්නට ඇති බවයි ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.
අනතුරුව පොලිස් නිලධාරීන් විසින් මෙම සතිය මුලදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිඳාගේ මළ සිරුර ගොඩගෙන ඇති අතර විමර්ශකයින් හෙළි කළේ දරුවාගේ ගෙළ සිරකර ඇති බවයි.
ඒ, අනුව සැකකාර මව සහ ඇයගේ සමලිංගික සහකාරිය අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.
එහිදී බිළිඳාගේ මව පවසා ඇත්තේ තම සැමියාගේ දරුවා තමාට අවශ්‍ය නැති බවත්, තම සැමියා තමාව රැකබලා නොගත් බවයි