
අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි අයගෙන් තරුණයන් සිව්දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.
ඒ අනුව ඉතිරි අය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
හලාවත පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශ වාසීන් එක්ව කළ මෙහෙයුමෙන් පිරිස මෙලෙස සොයාගෙන ඇත.
මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක ගිය පිරිසක් බව වාර්තා වේ.