වැඩකරන සියලු කාන්තාවන්ට ඔසප් නිවාඩු ලබාදෙන්න තීරණයක්

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය, විධිමත් රැකියාවල නියුතු වැඩකරන සියලු කාන්තාවන්ට වැටුප් සහිත ඔසප් නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව එරට මෙවැනි නිවාඩුවක් ලබාදෙන පළමු ප්‍රාන්තය බවට පත්වන්නේ ද කර්ණාටක ප්‍රාන්තය වීම විශේෂයකි.

නව ප්‍රතිපත්තිය යටතේ, රජයේ සහ පෞද්ගලික සමාගම්වල සේවය කරන වයස අවුරුදු 18-52ත් අතර කාන්තාවන්ට සෑම මසකම එක් දිනක් ඔසප් නිවාඩු ලබා ගත හැකි අතර නිවාඩු ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතිකයක් අවශ්‍ය නොවන බව සඳහන්ය.

මෙම ප්‍රතිපත්තිය තුළින් රැකියාවල නිරත කර්ණාටක ප්‍රාන්තයේ කාන්තාවන් 350,000-400,000ත් අතර ප්‍රමාණයක් ආවරණය වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඔසප් නිවාඩු සංකල්පය වර්තමානය වන විට ස්පාඤ්ඤය, ජපානය, දකුණු කොරියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලද ක්‍රියාත්මක වෙමින් පවතී.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post