සනත් ගුණතිලකගේ 'ප්‍රසිද්ධ රහස' ජානකී

sanath gunathilake and janaki wijeratne

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ චිත්‍රපට නිෂ්පාදිකා ජානකී විජේරත්න මහත්මිය අතර පවතින බව කියන ප්‍රේම සබඳතාවක් පිළිබඳව මේ දිනවල කලා ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. කලක් තිස්සේ රහසක්ව පැවති බව කියන මෙම සබඳතාව මේ වන විට 'ප්‍රසිද්ධියට පත් රහසක්' බවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. 

ඔවුන් දෙන්නා ප්‍රසිද්ධ උත්සව වලට හා සම්භාෂණ වලටද එක්ව සහභාගී වන අතර යුවළක් ලෙස ඡායාරූප වලට පෙනී සිටීමටද පටන්ගෙන තිබේ.

ජානකී විජේරත්න මහත්මිය මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රකට නාමයක් වන අතර, ඇය කලා දිවිය ආරම්භ කරන්නේ රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් ලෙසිනි. පසුව රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ ඇය පූර්ණකාලීන චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන අතර, ජනප්‍රිය චිත්‍රපට සමාගමක් වන ලයිකා නිෂ්පාදන සමාගමේ ශ්‍රී ලංකා උප සභාපති ධුරය ද හොබවයි.

සනත් ගුණතිලක මහතා මෙරට සිනමා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පුරා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුණු සම්මානනීය රංගන ශිල්පියෙකි. මේ වන විට 69 වන වියෙහි පසුවන ඒ මහතා සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටියි.

මෙම කලාකරුවන් දෙදෙනා අතර සමීප සබඳතාවක් ඇති බවට වූ කටකතා පසුගිය කාලය පුරාම පැතිර යන්නට මූලික හේතුව වී ඇත්තේ, මෑතක සිට ඔවුන් දෙදෙනා විවිධ කලා කටයුතු සහ උත්සව අවස්ථාවන් සඳහා මෙන්ම ගමන් බිමන් සඳහා ද නිරන්තරයෙන් එකට සහභාගී වීමයි. පසුගියදා පැවති ක්‍රිකට් තරඟයක් නැරඹීමට ද ඔවුන් දෙදෙනා එකට පැමිණ සිටිනු දක්නට ලැබිණි. දෙරණ සිනමා සම්මාන උළෙලටද ඔවුන් එක්ව ආ අතර ලයිකා සමාගමේ මෑත කාලීන එලිදැක්වීම් ගණනාවකදීද දක්නට හැකි විය.

විවාහයෙන් වෙන්වී සිටින ජානකී විජේරත්න මහත්මිය එක් දරු මවකි. මෑතකදී පැවති ඇගේ දරුවාගේ උපන්දින සැමරුම් උත්සවය සඳහා ද සනත් ගුණතිලක මහතා සහභාගී වී ඇති අතර, ඔවුන් දෙදෙනා එකට සිට ගත් ඡායාරූප ද නිරීක්ෂණය කළ හැකි විය.

මෙම සිදුවීම් හමුවේ ඔවුන්ගේ සබඳතාව 'ප්‍රසිද්ධ රහසක්' බවට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙම කතාබහ පිළිබඳව අදහස් දක්වමින් සනත් ගුණතිලක මහතා සඳහන් කර ඇත්තේ තමන්ට ඇතැම් පිරිස් විවේචන එල්ල කළ ද, තමන් කලාවට කළ සේවය සිහිපත් කරන පිරිස් තමන්ට ආශිර්වාද කරන බවයි. වයස 69ක් වන තමන්ට ජීවිතයේ අවසන් කාලයේ තනිව සිටීමට නොහැකි බවත්, සහකාරියකගේ (පාට්නර් කෙනෙක්) අවශ්‍යතාවය පවතින බවත් ඔහු පවසා තිබේ.

අන් අය කුමන දේ පැවසුව ද ඒවා තමන්ට අදාළ නොවන බවත්, අන් අයව සතුටු කිරීමට ප්‍රථම තමන්ගේ සතුට පිළිබඳව සිතිය යුතු බවත් සනත් ගුණතිලක මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

සනත් ගුණතිලක මහතා මින් ඉහත සම්මුඛ සාකච්ඡා වලදී තමන්ගේ පෙර සම්බන්ධකම් ගැන පවසා තිබෙන අතර ඔහු 2023 මාර්තු මස සතිඅන්ත පුවත්පතකට මෙසේ පවසා තිබුණි.

‘ජීවිතේ සමහර අවස්ථාවන් වලදී මට ලැබිය යුතු දේවල් නොලැබී යනවා. ඒ ජීවිතේ බෙදා හදා ගන්න දේවල් වෙන්නත් පුළුවන්. නමුත් ඒ දේවල් මට හිමි නැහැ කියලා මම හිතනවා. ඒ එක්කම සමහර දේවල් මගෙන් උදුරා ගත් අවස්ථාවන් තියෙනවා. සම්මාන වගේ දේවල්. මට ඒ දේවල් දැනෙනවා. හිත් වේදනාවන් ඇතිවෙනවා. හැබැයි මම කුපිත වෙන්න ගියේ නැහැ. තරුණ කාලයේ යම් යම් ප්‍රකාශ කරලත් තියෙනවා. ඒ වගේම මාව ලේසියෙන් යමකට නම්මාගන්නත් බැහැ. ජීවිතේ මට වැරදුණු තැන් තියෙනවා. මම වැරැදි කරලත් තියෙනවා. ඒවා මම පහුකාලීනව මම හදා ගත්තා.

විරාගය චිත්‍රපටයේ යම් යම් අවස්ථාවන් වලදී 60%ක් විතර මේ චරිතය හිතන විදියට හිතීම සාධාරණයි කියලා මටම හිතුණ අවස්ථාවන් තියෙනවා. මට වඩා හොඳ කෙනෙක් ගාවට සරෝජනීට යන්න තිබ්බ අවස්ථාවන්වලදී මම ඇයට යන්න දුන්නා. අද වෙනකම් ඔබත් දන්නා මාත් දන්නා මගේ යම් යම් සම්බන්ධතා තිබුණත්. ඒ කිසිම කෙනෙක් ගැන මගෙන් කිසි දෙයක් අහගන්න බැහැ. මම හැමදාම කියන්නේ තුන්වෙනි පාර්ශ්වයක් සම්බන්ධ නිසා ඒ දේවල් හෙළි කරන්නේ නැහැ කියන එක. අරවින්දත් එහෙමයි. එයත් කිසි වෙලාවක කියන්න ගියේ නැහැ. මගේ පුද්ගලික ජීවිතේ යම් යම් සිද්ධීන් නිසා අරවින්ද කියන්නේ මේ මමම නේද කියලත් හිතිලා තියෙනවා. ‘ 

Source: gossiplankanews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post