බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්‍ෂ මහතා විසින් සිතේ ඇතිවන දරාගත නොහැකි අනියත බියක් නිසා හටගන්නා මානසික ව්‍යාකූලතාව හෙවත් Panic attack තත්ත්වයට පත්වූ දරුවන් 9ත් 20ත් අතර පිරිසක් සතියකට බදුල්ල මහ රෝහලට ප්‍රතිකාරවලට රැගෙන එන බව ප්‍රකාශ කරයි.
ඊට අමතරව මෙම තත්ත්වයට ගොදුරු වූ තරුණ තරුණියන් 7 ක් 8 ක් පමණ සතියකට බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත රැගෙන එන බවද ඔහු පවසයි.
ඒ අනුව වෛද්‍යවරයා සඳහන් කළේ Panic attack තත්ත්වයට මුහුණදෙන තරුණ කණ්ඩායම් ලංකාව පුරාම වාර්තා වන බවයි.
මේ අතර මෙම රෝගයට ප්‍රධාන හේතු වශයෙන් දරුවන් හා දෙමාපියන් අතර තිබෙන සබඳතා බිඳවැටීම, එකිනෙකාට ආදරය නොකිරීම, ජීවන රටාව කොටුවීම, තරගකාරීත්වයක් නොමැතිවීම, ආදර සබඳතා බිඳවැටී සිත ව්‍යාකූලත්වයට පත්වීම යනාදිය හඳුනාගෙන ඇත.

එසේම අන්තර්ජාල භාවිතයට අධික ලෙස නැඹුරුවීමද මීට ප්‍රධාන හේතුව වශයෙන් හඳුනාගෙන තිබෙන බවත් මෙම නැඹුරුව නිසා දරුවන්ගේ සාරධර්ම වේගයෙන් පිරිහෙමින් තිබෙන බවත් පාලිත රාජපක්‍ෂ සඳහන් කරයි.
එමෙන්ම ඔහු පැවසුවේ මේ ආකාරයට රෝහල්ගත කරන දරුවන් අතර කරකැවිල්ල, ක්ලාන්තය, පපුවේ කැක්කුම, අතපයේ හිරිගතිය, හුස්ම ගැනීමේ අපහසුතාව, අත්පා දරදඬුවීම, තොල කට වියළි බව, අධික ලෙස දහඩිය දැමීම, සිහිමද බව යන ලක්ෂණ දක්නට ලැබෙන බවයි.
එබැවින් එවැනි දරුවන් හා තරුණයන්ට මානසික ඒකාග්‍රතාව යහපත්ව පවත්වාගෙන යෑමට මානසික වෛද්‍ය උපදේශනය ඉතා වැදගත් බවත් ඔවුන්ව වහාම වෛද්‍යවරයකු වෙත කැඳවාගෙන යාම අත්‍යවශ්‍ය බවටත් වෛද්‍යවරයා උපදෙස් දෙයි.
තවද මෙම තත්ත්වය අසනීපයක් නොවන බවත් එවැනි දරුවන්ට පැහැදිලි කරදීම වෛද්‍යවරුන් විසින් සිදුකරන බවත් සඳහන් කරන වෛද්‍යවරයා දැනට දිනකට මේ සම්බන්ධව විමසා දුරකථන ඇමතුම් 100 ක් පමණ ලැබෙන බවද පැවසුවා.