
බත්තරමුල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක් තුළදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රසිද්ධ නිළියක් විසින් පදවනු ලැබූ මෝටර් රථයක ගැටීමෙන් බව පවසයි.
මෙහිදී තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාගේ වයස අවුරුදු 27ක් සහ 36ක් වන බව සඳහන්.
එමෙන්ම ඔවුන් කොටිකාවත්ත සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද පොලිසිය හඳුනා ගෙන තිබෙනවා.
වාර්තා වූ ආකාරයට මෙම අනතුර අඳාළ ජනප්‍රිය නිළිය තමන්ගේ මෝටර් රථය පසුපසට ධාවනය කරන විට සිදුව තිබෙනවා.
මේ අතර තුවාල ලැබූ කාන්තාවන් අතුරින් එක් අයෙකුගේ පාදයක් බිඳී ඇති අතර, අනෙක් කාන්තාවගේ උකුල් ඇටයට හානි සිදුව ඇති බව හෙළිව තිබෙනවා.
එසේම පොලිසිය තවදුරටත් සඳහන් කළේ අනතුරට හේතු වූ ජනප්‍රිය නිළිය ද කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
කෙසේ වෙතත් එම නිළිය අනතුර සිදුවන අවස්ථාවේදී මත්පැන් පානය කර සිටියේද යන්න සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.
තුවාල ලැබූ කාන්තාවන් අතුරින් එක් අයෙකුගේ පාදයක් බිඳී ඇති අතර, අනෙක් කාන්තාවගේ උකුල් ඇටයට හානි සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
අනතුරට හේතු වූ ජනප්‍රිය නිළිය ද මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි.
එම නිළිය අනතුර සිදුකරන අවස්ථාවේදී මත්පැන් පානය කර සිටියේද යන්න පිළිබඳව පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.