
කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් වාර්තා වී ඇති බව වාර්තා වේ.
මීට හේතුව ලෙස වාර්තා වන්නේ අධික වර්ෂාවයි.
කෙසේ වෙතත් මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය නිසා රටේ විවිධ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත් වෙයි.
ඒ අනුව අද දිනද උදෑසන කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි දැක්වුණේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
එසේම එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද සඳහන් වුණා.