පැතිර යන අසත්‍ය කතාවලට ධනංජය උත්තර දෙයි..

සමාජයේ ඕනෑම කෙනෙක්ට ඕනෑම කතාවක් කියන්න අයිතියක් තියනවා.

ඒත් ඒ කතා නිසා කිසිවෙකුගේ පෞද්ගලිකත්වයට  හානි සිදුවෙනවා නම්, ඒ ගැන ඇත්තටම අවධානය යොමු කරන එක වැදග්ස්ත් වෙනවා. 

ධනංජය සිරිවර්ධන, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය කලා තරුවක්. පසුගිය දිනක ධනංජය කියූ එක්තරා කතාවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන්න පටන්ගත්තේ මීට ටික දවසකට පෙරයි.

ඒ කතාව ධනංජයගේ පුංචි දුව මෞර්‍යා ගැනයි. ඒත් දැන් ඇසෙන්නේ ඊට වඩා වෙනස් කතාවක්. එදා ඔහු ආදරණීය පියෙක් විදිහට ඒ කියූ කතාව මේ වෙනකොට විවිධ විකෘති ඇතිව සමාජමාධ්‍ය පුරා සංසරණය වෙනවා ලු.

ඉතින් ධනංජය මේ පැතිරයන කතා ගැන ඔහුගේ මුහුණු පොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.

"කාරුණික මතක් කිරීමයි..

මගේ පෞද්ගලික ජීවිතයා අලලා විකෘති ප්‍රවෘත්තියක් ඡායාරූප සහ ඇනිමේෂන් භාවිතා කොට එක්තරා youtube නාලිකාවක කතන්දරයක් නිර්මාණය කර ඇත.

(කුණු රසය ප්‍රිය කරන අය එම නාලිකාව හොයාගෙන ඒ කතන්දරය ඇසුවාට කමක් නැත. එතුළින් එම youtube නාලිකාවේ අයිතිකරුවන්ගේ දරුවන්ද ආහාර වේලක් හෝ ලබා ගනී යයි සිතමි)

නමුත් එම ප්‍රවෘත්තිය යැයි සඳහන් කරන ගොසිප් එකේ කිසිදු පදනමක් නැති අතර එය විකෘති මනසකින් ගොතන ලද කතාවක් බව මතක් කර දෙමි.

මෞර්යා සමාජ ජාලාවල නොපෙන්වා සිටීමට මම තීරණය කළේ මීට කාලයකට පෙරය. එසේ කිරීමට හේතුව ඇයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමටය. සහ ඇයගෙන් මා හට හෝ මාගෙන් ඇයට ජනප්‍රියත්වයක් බලාපොරොත්තු නොවන නිසාය. එම නිසා මාගේ පෞද්ගලික ජීවිතය කුණු රසැති කතන්දරයක් බවට නිර්මාණය කර භාවිතා නොකරන මෙන් මාගේ දියණිය වෙනුවෙන් ඉතා කාරුණිකව හා බැගෑපත්ව ඉල්ලා සිටිමි.

විකෘතිය රසවත් ඇති ඒත් එම රසය කුණු රසය බව මතක් කර දෙමි.."

එසේම ධනංජයගේ පවුලට සමීපතමයෙකු වන නිල්මිණි තෙන්නකෝන්ද සමාජමාධ්‍ය වෙත මේ සිද්ධියම අලලා අදහසක් දක්වා තිබුණා.

ඇයද පවසා තිබුණේ කලාකරුවන්ට මෙවැනි අසත්‍ය කතා සැකසීම හා ඒවා පැතිරවීම ඇත්තෙන්ම තර‍යේ හෙළා දකින බවයි.

කොහොම වුණත්, ඇයත් පවසන්නේ මේ කලාකරුවාට සේම ඇගේ බිරිඳ සහ දරුවාට නිදහසේ කාලය ගත කිරීමට නම් මෙවැනි අසත්‍ය කතා සමාජගත කිරීම නොකළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post