හෙට සිට මේවා තහනම්

භාණ්ඩ රැගෙන යාම වෙනුවෙන් භාවිතා කරන ෂොපිං බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම් වන බව වාර්තා වේ.

ඒ අනුව ඒ වෙනුවෙන් මිලක් අය කළ යුතු අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉකුත් 01 වන දින නිකුත් කර තිබෙනවා.

මේ අතර අතුලු සහිත ශොපින් බෑග් සදහා මෙම නීතිය ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂිකා සමන්ති කරුණාරත්න සඳහන් කළා.

මෙම වැඩපිළිවෙළ ඔස්සේ යම්තාක් දුරකට හෝ ෂොපින් බෑග් භාවිතය සීමා කිරීමකට කටයුතු කරන බව ද පැවසේ.

කෙසේ වෙතත් පාරිභෝගික ආරක්ෂාව උදේසා මේ වන විටත් රජයෙන් විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post