
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර අද උදෑසන, සිය නිල කාර්යාලය තුළ දී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් නොසිතූ මොහොතක ජීවිතක්ෂයට පත්වුණා.
අද පෙරවරු 10.30ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ නිල කාමරයට පැමිණ වෙඩි තබා පළා ගොස් තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ, වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාතර මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබූ බවයි.
වැලිගම ප්‍රාදේශීය සභා මංගල සභාවාරයේදි ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියක් වාර්තාවුණා. එසේම ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් වනවිට පරික්පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර් පවසනවා.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ මැදිහත්වීමෙන් කණ්ඩායම් හතරක් මේ විමර්ශනය ආරම්භ කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් කුඩා අවියකින් උණ්ඩ හතරක් භාවිතා කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර,එම සිද්ධියේ උණුසුම පහව යන්නටත් පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ තවත් සභිකවරියකට මරණ තර්ජන එල්ල කිරීමේ සිදුවීමක් ද වාර්තාවුණා.
එම ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ මෙම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් උද්ගත ව තිබූ පසුබිමකයි.
එම විවෘත ඡන්දයේදී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කළ ලසන්ත වික්‍රමසේකර ඡන්ද 23ක් ලබා ගත් අතර ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ චින්තක දර්ශන හේවාපතිරණ ලබා ගැනීමට හැකි වුණේ ඡන්ද 22ක් පමණයි.
ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා 37 වැනි වියේ පසු වූ අතර ඔහු දෙදරු පියෙකුද වනවා.