2026 නව පාසල් වර්ෂය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්න යන ඒ සහනය ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වන වවුචර්පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දීමට තීරණය කර ඇත.

අධ්‍යාපන , උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රතිලාභී සිසුන් වෙත එම වවුචර්පත් ලබා දීමට සැලසුම් කර ඇත්තේ සුබ සාධක ප්‍රතිලාභ ලබා දීම සඳහා සකස් කරනු ලැබ ඇති තිළිණපත් ජංගම දුරකථන මෘදුකාංගය හරහා පරිලෝකනය කිරීමට හැකි වන අයුරින් QR කේත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර වේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය තුමිය හරිනි අමරසූරිය  මෙනවිය   විසින් ඉදිරිපත් කළ   එම වැඩසටහනට  පහත පරිදි සිසුන් තෝරා ගැනීමේ  යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. 

ඒ අනුව, සමස්ත දිවයිනේම ශිෂ්‍ය සංඛ්‍යාව 250ට අඩු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 644,000 කට එවගේම ශිෂ්‍ය සංඛ්‍යාව 251-500 දක්වා වන වතු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 53,093කට, විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 30 ක සිසුන් 2,300   කට  පිරිවෙන්වල තෝරාගත් ගිහි මෙන්ම පැවිදි සිසුන් 30,000 කට ආදී ලෙසින් තෝරාගෙන එම වවුචර්පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දීමට තීරණය කර ඇත.   

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post