බෝට්ටුවෙන් ගිය සෙවුවන්දි ගුවනින් කටුනායකට එයි..

නේපාලයේදී සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලද ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය ඇතුළු පිරිස අද දින මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව වාර්තා වේ.

සැකකාරිය සහ අත්අඩංගුවට ගත් අනෙකුත් පුද්ගලයන් අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කරමින් පවතින අතර, මේ සඳහා නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමක් සිදු කරයි.

සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යතාවකාලික විදේශ ගමන් බලපත්‍ර මේ වන විටත් තානාපති කාර්යාලය හරහා නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඔවුන් මෙරටට ගෙන එන අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට ද සංවිධානය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post