නිවාස අහිමි වුණු ඔවුන්ට නව නිවාස ලැබෙන්නයි යන්නේ.. ඒ ගැන ඇසෙන විශේෂ ආරංචිය දැනගන්න කැමතියිද..?

කාලයෙක් කාලයට ඇතිවෙන ස්වාභාවික තත්ව යටතේ අපේ රටේ ජීවත්වෙන ඇතැම් අයගේ ජන ජීවිතවලට බාධා එල්ල වෙනවා.

මේ අවදානය හිමිව තියෙන්නේත් අන්න ඒ වගේ විශේෂ පිරිසක් ගැනයි. 

ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් තාවකාලික නිවාසවල දීර්ඝකාලීනව පදිංචිව සිටින 3,250ක් පමණවන වතු පවුල්, අදියර කිහිපයකින් යුත් සැලැස්මක් යටතේ සුරක්ෂිත ස්ථානයන්හි නැවත පදිංචි කරවීම අරමුණු කර ගනිමින් 'ස්වභාවික ආපදා වලින් වාසස්ථාන අහිමි වූ වැවිලි ප්‍රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහන' 2025 වර්ෂයේදී ආරම්භ කර තිබෙනවා.

එම වැඩසටහන 2025-2027 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන අතර, එම කාලසීමාව තුළ නව නිවාස ඒකක 1,400ක් ඉදි කර ප්‍රතිලාභී පවුල් පදිංචි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

වැඩසටහන සඳහාවන සමස්ත පිරිවැය රුපියල් මිලියන 4,500ක් වන අතර, 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 1,300ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

මේ වන විට එම වැඩසටහන යටතේ බදුල්ල, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර, මාතලේ, කොළඹ, කළුතර, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල සුදුසුකම්ලත් ප්‍රතිලාභී වතු පවුල් 495ක් සඳහා නිවාස ඉදිකිරීම සිදු කෙරෙමින් පවතිනවා.

මෙම වැඩසටහන යටතේ ආවරණය නොවන ඉතිරි පවුල් සඳහා ද නිවාස ඉදිකිරීම සඳහා විදේශ ආධාර සලසා ගැනීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මේ වන විට පියවර ගනිමින් සිටිනවා.

ඒ අනුව, ස්වභාවික ආපදා වලින් වාසස්ථාන අහිමි වූ වැවිලි ප්‍රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහන 2027-12-31 දින දක්වා ක්‍රියාත්මක කිරීම සහ මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post