නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරඹයි..

පෙළපොත් මුද්‍රණය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොවන 2 – 5 ශ්‍රේණිවලට හා 7-11 ශ්‍රේණිවලට පෙර පරිදි පෙළපොත් ලබා දෙන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

ලබන ජනවාරි සිට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 1 ශ්‍රේණිය හා 6 ශ්‍රේණියට මුද්‍රිත පෙළපොත් අවශ්‍ය නොවන බව ත් එම ශ්‍රේණිවලට පෙළපොත් තරම් සංකීර්ණ නොවන මොඩියුල මුද්‍රණය කර ලබාදෙන බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

එසේ ම, ගුරු අත්පොත් මුද්‍රණය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි කී ලේකම්වරයා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය පරිදි ගුරු අත්පොත් මුද්‍රණය කර ලබා දෙන බව පැවසීය.

මේ වන විට 2, 3, 4, 5, 7, 8, 9, 10, 11 ශ්‍රේණිවල පෙළපොත් සහ 1,6 ශ්‍රේණිවල මොඩියුල මුද්‍රණය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

මෙම සියලු මුද්‍රණයන් නොවැම්බර් 15 වන විට අවසන් කර දිවයින පුරා විදුහල්වලට දෙසැම්බර් 31ට පෙර බෙදාහරින බව ද හෙතෙම කීවේ ය.

අමිත් මදුරංග

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post