මහින්දට කොළඹින් නිවාස හතරක්... මේ ඇහෙන කතාව මොකද්ද ?

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට කොළඹින් නිවාස ලබාදීම සඳහා හතර දෙනකු දැනටමත් ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කරනවා.

ඔහු කියා සිටින්නේ කොළඹ 07 රොස්මීඩ් පෙදෙස, වෝඩ් පෙදෙස ඇතුළු තවත් ප්‍රදේශ දෙක තුනකම මෙම නිවාස පිහිටා තිබෙන බවයි.

මෙම නිවාස 4න් ඵක් නිවසක් බැලීම සඳහා තමාට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද තවමත් ඒ සඳහා තමන් නොගිය බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිවාස හතර ලබාදීමට ඉදිරිපත් වූ පුද්ගලයින් හතර දෙනා අතර දෙමළ ජාතිකයෙකුද සිටින බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරනවා.

මීට අමතරව තවත් පිරිස් මහින්ද රාජපක්ෂ මහතාට කොළඹින් නිවාස ලබාදීමට ඉදිරිපත් වී සිටින බවට තමාට තොරතුරු වාර්තා වන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරනවා.

යළිත් කොළඹට පැමිණෙනවාද යන්න මහින්ද රාජපක්ෂ මහතා තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කර නොමැති බවත් ටික කාලයක් තංගල්‍ල නිවසේ රැඳී සිටීමට මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබෙන බවත් අවශ්‍ය අවස්ථාවකදී කොළඹට පැමිණෙන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post