
වෛද්‍යවරයෙකුගේ මෙවන් හැසිරීමක් මොන තරම් නම් පිළිකුල් සහගතද..?
ඒ විතරක් නෙවෙයි, මෙවන් ක්‍රියාවන් සිදුකිරීමෙන් ඔවුන් තමන්ගේ වෘත්තිය මොන තරම් නම් සැහැල්ලුවකට අරගෙනද..?
රෝගියෙකුගේ ජීවිතයක් දැඩි අවධානමක හෙළමින් ඔහු කළ මේ කාර්යය ගැන විවිධ දේ කවුරුන් කිව්වත්, මෙවැනි අයට දඬුවම් හිමිවිය යුතුමයි. මේ අන්න ඒ සිදුවීම ගැන ඇසුණු ආන්දෝලනාත්මක කතාවයි.
රෝගියෙක් නිර්වින්දනය කර සිටියදී, ශල්‍යාගාරයෙන් ඉවත්ව ගොස් හෙදියක් සමග ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයකුට චෝදනා එල්ල වී තිබෙනවා.
අවුරුදු 44ක් වන වෛද්‍ය සුහයිල් අන්ජුම් සහ අනෙකුත් හෙදියක් එක්ව, මැන්චෙස්ටර්හි ටේම්සයිඩ් රෝහලේදී මෙලෙස 'අයුතු ලෙස හැසිරෙමින්' සිටියදී, තවත් සගයකුට හසු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2023 සැප්තැම්බර් මාසයේදී සිදු වූ මෙම සිදුවීම පිළිබඳව, මෑතකදී පාකිස්ථානයේ සිට එක්සත් රාජධානියේ නැවත සේවය සඳහා අයදුම් කළ වෛද්‍ය අන්ජුම් සම්බන්ධයෙන් යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවේදීයි කරුණු අනාවරණය වී ඇත්තේ.
වෛද්‍යවරයා විසින් මෙම කරුණු විවාදයට ලක් නොකළ අතර, සිය හැසිරීම 'ලැජ්ජා සහගත' බව පිළිගෙන තිබෙනවා.
අවස්ථා පහකදී නිර්වින්දන කටයුතු භාරව සිටි වෛද්‍ය අන්ජුම්, තුන්වන අවස්ථාවේදී "විවේකයක්" අවශ්‍ය බව පවසා, අනෙක් හෙදියකගෙන් රෝගියාව නිරීක්ෂණය කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව වෛද්‍යවරයා වෙනත් ශල්‍යාගාරයකට ගොස් අදාළ හෙදිය සමග ලිංගිකව හැසිරී තිබෙනවා.
වෛද්‍ය අන්ජුම් නැවත පැමිණෙන විට මිනිත්තු අටක් පමණ ගත වී තිබූ අතර, ඉන් පසුව ඔහු සිය කාර්යයන් සාමාන්‍ය පරිදි අවසන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
කෙසේ නමුත්, ඔහු නොසිටි කාලය තුළ රෝගියාට කිසිදු හානියක් සිදු නොවූ බව ද සඳහන්.
මෙම සිද්ධිය සොයාගත් හෙදිය විසින් සිය කළමනාකරුට වාර්තා කර ඇති අතර, වෛද්‍ය අන්ජුම් මෙම සිදුවීමේ කරුණු සම්බන්ධයෙන් විවාද නොකරන බවත්, හෙදිය සමග ලිංගික ක්‍රියාවක නිරත වූ බවත්, පිළිගෙන තිබෙනවා.
දැනට වෛද්‍ය විනිශ්චය සභාව ඉදිරියේ පවතින මෙම නඩුව සම්බන්ධයෙන්, වෛද්‍ය අන්ජුම්ට එරෙහිව බරපතල චෝදනා එල්ල වී ඇති අතර, ඔහුට සිය වෛද්‍ය බලපත්‍රය අහිමි වීමට පවා ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.