
ඇල්ල වැල්ලවාය ප්‍රපාතයට පෙරලුන් බස් රථයේ තිරිංග ක‍්‍රියා විරහිත වූ බව රියැදුරා පැවසුවේ යැයි එම බස් රථයේ ගමන් කර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයකු සඳහන් කරයි.
තමන් රියදුරු ආසන්නයේ එන්ජින් කවරය ගමන් කල බවත් තිරිංග ක්‍රියා විරහිතව ඇති බව පැවසුවද අනෙක් අය එය එතරම් නොතකු බවත් ඔහු පැවසුවේය.
නමුත් රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බවත් ඉන් අනතුරුව ඉදිරියෙන් පැමිණි ජීප් රථයේද වැදී බස් රථය ප්‍රපාතයට පෙරළී ගිය බවත් ඔහු සඳහන් කළේය.
තමන්ද සිහිසුන්ව සිටි බවත් සිහිය පැමිණි පැමිණියේ රෝහල් ගත කලාට පසු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කරයි.
"ඩ්‍රයිවර් බ්‍රේක් නැහැ කිවුවහම බොරු කියන්න එපා කියලා කට්ටිය හිනා වුණා""ඩ්‍රයිවර් බ්‍රේක් නැහැ කිවුවහම බොරු කියන්න එපා කියලා කට්ටිය හිනා වුණා" "ඒ වෙලාවේ හිතුවේ ඉවරයි කියලා. ඇස් ඇරලා බලනකොට තාම ඉන්නවා" ඇල්ල බස් අනතුරෙන් තුවාල ලැබූ අයෙකු මුහුණ දුන් අත්දැකීම BBCයට කියයි වැඩිදුර කියවන්න 👇 https://www.bbc.com/sinhala/articles/c89dlwwv733o
Posted by BBC News සිංහල on Thursday, September 4, 2025