
ඇගේ නම , ඒ රුව ඔබටත් තවමත් මතක ඇති..
ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාලයක් තිස්සේ සෙවූ ඉෂාරා සෙව්වන්දි ගැන දැන් ඇසෙන විශේෂ ආරංචිය දැනගන්න ඔබත් කැමතියිද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට විදේශගත පාතාල කල්ලි සාමාජිකයින් සමඟ පූර්ව සැළසුම් සකස් කර අධිකරණය මගහැර සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී ගැන මේ වෙද්දිත් විවිධ පුවත් අනාවරණය වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා..
රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණ වූ කරුණු මත මේ ගැන දැන් ඇසෙන්නේ වෙනස්ම කතාවක්.. දැනට රටින් පළාගොස් සිටින ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ලවන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙනවා..
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊට අදාළ මෙහෙයුම සිදුකරන්නේ ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය ඇතිවයි..
කෙහෙල්බද්දර පද්මේ විසින් පසුගියදා අනාවරණ කළේ ගනේමුල්ල සංජීව ඝාතනයෙන් දින කිහිපයකට පසු ඉෂාරා සෙව්වන්දි ඩුබායි වෙත පළා ගිය බවයි..
ඒ අනුව දැනට සිදුකරමින් පවතින විමර්ශනවලට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තවදුරටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි, එහි ජ්‍යේජ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත සදහන් කළේ..