"ඔයා හිටියනම්, අදට අවු. 23 ක්.." සමහර මතක පරණ වුණත් හරි ලස්සනයි කියලා ඇයට අද හිතෙනවා ඇති..

සමහර බැඳීම්වලට කාලයට සීමා දාන්න පුළුවන් වුණත් තවත් ඒ මතක හරි සුන්දරයි. ඇය මේ කියන්නේත් අන්න ඒ වගේ තවත් එක් කතාවක්.. 

රොෂානා ඔන්ඩච්චි, මේ සුන්දර කලාකාරිණිය අද ඇගේ මුහුණුපොතට සටහනක් එක්කරනවා.

ඒ මීට වසර 23කට පෙර මතකයක් අවදි කරන්නයි.

රොෂානා - මනූෂ මොවුන් දෙදෙනා විවාහ වෙලා අදට හරියටම වසර 23ක් ලු. අද ඔවුන් දෙතැනක ජීවත් වුණත් ඒ ලස්සන දවසේ මතකයත් එක්ක රොෂානා ඇගේ මුහුණුපොතට අද සටහනක් එක්කරන්න  අමතක කරලා තිබුණේ නැහැ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post