
පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ මස 10වනදා රට පුරා විභාග මධ්‍යස්ථාන 2,728කදී පැවැත්වෙනු ඇති.
ඒ අනුව, පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12න් පසුව සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය සහ එම පන්ති මෙහෙය වීම, විෂයානුබද්ධ දේශනා, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම, මෙම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම මෙම තහනම යටතේ බලපැවැත්වෙනු ඇති.
යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා හරිමින් කටයුතු කලහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකයට හෝ පාසැල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112 784208 හෝ 0112 784537 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.