
සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලැබ සිටි මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා මලයාසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මීට අමතරව තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තාද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙහෙල්බද්දර පද්මේ වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ලබාදී ඇතැයි සදහන්.
2018 වසරේදී ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කෙරුණා.
ඔහුගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණේ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීවට සහ සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩාටයි.
පසුව කෙහෙල්බද්දර ඩුබායි වෙත පලා ගිය අතර එහි සිට ඝාතන රැසක් මෙහෙයවා තිබුණා.
එ අනුව, කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත සම්බන්ධයෙන් මෑතකදී වැඩි කතාබහක් ඇති වුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ඔවුන් මෙහෙයවූ බවට වාර්තාවීමත් සමගයි.
කෙසේ වෙතත්, කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා අත්අඩංගුවට ගැනීම පිළිබදව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ නොහැකි බවයි.
මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කළා.