පාසල් පැවැත්වෙන කාලය පැය බාගයකින් වැඩි කරන්න යයි

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිසුන් සඳහා වන ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන්, පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.

මුලින් පාසල් වේලාව පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමට යෝජනාවක් පැවති බවද අමාත්‍යවරිය සඳහන් කළාය. කෙසේ වෙතත්, එමගින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි බරපතළ ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගෙන, එම යෝජනාව වෙනස් කර පාසල් කාලය පැය භාගයකින් පමණක් දීර්ඝ කිරීමට තීරණය කළ බව ඇය පැහැදිලි කළාය.

මෙම විනාඩි 30ක කාලය දීර්ඝ කිරීම සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන අනෙකුත් වෙනස්කම් පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව සමග දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

අධ්‍යාපන අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post