තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්' සහ සමාජ මාධ්‍ය විවේචන

thisara perera

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සිය දෙවන විවාහය ප්‍රසිද්ධ කිරීමත්, දින දෙක තුනක් තුළ ඔවුන්ට දරුවෙකු ලද බව ප්‍රකාශ කිරීමත් සමාජ මාධ්‍ය තුළ කථාබහක් ඇති කර තිබේ.

තිසර මුලින් විවාහවී සිටියේ ෂෙරමි දිනුෂිකා සමගිනි. දැන් විවාහ වී සිටි‍න බවට ප්‍රචාරය කරන්නේ නිශී හතරසිංහ සමගිනි. නිශී යනු ටනාශා හතරසිංහ නමැති ටෙලි නිළියගේ නැගණියකි.

තිසර- නිශී අතර විවාහය සම්බන්ධ පෝස්ටු මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් ආකාරයට ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පසුගිය දිනවල දිගින් දිගට සංසරණය වූ අතර වාරයේ පෙර විවාහක බිරිය ෂෙරමි දිනුෂිකා පෝස්ටු දෙකක් ආන්දෝලනාත්මක ලෙස පළ කර තිබුණි. ඉන් එකකින් කියැවුනේ දික්කසාදය නීතිමය වශයෙන් 'පෙන්ඩින්' මට්ටමේ තිබීම යනු එය ලබාදී නැති බවයි.

දෙවැනි පෝස්ටුවෙන් ඉඟියක් දී කියා තිබුනේ 'මදුරුවන්ගේ ජීවන චක්‍රය' වත් මේ තරම් වේගවත් නොවන බවයි.

මීට කලකට පෙර ලසිත් මාලි‍ංගගේ බිරිය දැමූ පෝස්ටුවකට තිසර හා ෂෙරමි දිගින් දිගට ප්‍රහාර දියත් කරමින් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක්ද ඇති කර තිබුන අතර මේ දෙන්නාට ඒවා හුරුපුරුදුය.

මේ අතර  දරුවන් නොමැති බිරියක් වීම නිසා විවාහය අත්හළ ආකාරයක් හඟවමින්

ෂෙරමි හා තිසර අතර මෙම සංවාද යුද්ධයට අලුත් දෙයක් එකතු කරමින් තිසර ඊයේ පළ කර ඇත්තේ

ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුනගැහිලා මගේ මුළු ලෝකෙම ආලෝකයක් කරා. අවුරුදු ගනන් බලන් හිටිය මේ ලෝකේ මං ආසම කරන දේ ඔයා මට දුන්නා. අපි දෙන්නා මේ ලස්සන ජීවිත ගමන ආදරෙන් යමූ.. ❤️

ලෙසින් වන අතර එය සමාජ මාධ්‍ය පිටු කිහිපයක නැවත පළවීමෙන් පසු ඊට විවිධ විවේචනාත්මක කොමෙන්ටුද පළවී තිබේ.

පහත පළවන්නේ එම විවේචනයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post