මේ කුඩා කෘමියා ගැන ඔබ දැනුවත් ද? මේ දිනවල මෙවැනි ලක්ෂණ ඔබේ ශරීරයේත් පවතීදැයි විමසිලිමත් වන්න...

“Acid fly හෙවත් Nairobi Fly නම් කුඩා කෘමියා ගැන ඔබ දැනුවත් ද, මේ දිනවල මෙවැනි ලක්ෂණ ඔබේ ශරීරයේත් පවතීදැයි විමසිලිමත් වන්න.

අපට වැඩි වශයෙන් මෙම කුඩා කෘමියාගෙන් ආසාදනයන වන රෝගීන් වාර්ථා වීමත් සමග මෙම ආසාදන තත්ව ඇතිකරන කෘමින්ගෙ වර්ධනයක් පෙන්නනුම් කරනු ලබන අතර මෙම ලිපිය ඔබගේ ආරක්ෂාව සදහායි.

මෙම කෘමියා පිලිබදව දිවයින පුරා අප කීටවිද්‍යා නිලධාරීන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරමින් සිටින අතර මෙය ඔබගේ දැනුවත් වීම උදෙසායි.

අවවාදයයි: මේ දිනවල අපට වැඩි වශයෙන් මෙම කුඩා කෘමියාගෙන් ආසාදනයන වන රෝගීන් වාර්ථා වීමත් සමග මෙම ආසාදන තත්ව ඇතිකරන කෘමින්ගෙ වර්ධනයක් පෙන්නනුම් කරනු ලබන අතර මෙම ලිපිය ඔබගේ ආරක්ෂාව සදහායි.

විශේෂයෙන්ම නේවාසිකගාර වල,බෝඩිම් වල ආදී බොහෝ සෙනග රැස්වන ස්ථාන වලින් අපට මෙම රෝගීන් වාර්ථා උනා.සමහරවිට මේ වගෙ පැල්ලම් ඔයාටත් ඔයාගෙ යාළුවන්ටත් ඇති. විමසිලිමත් වන්න.

මෙම කුඩා කෘමීන් ප්‍රමාණයෙන් හෝ අලංකාරයෙන් ඉතා ලස්සන සහ හුරුබුහුටි උවද රැවටෙන්න එපා මෙම කුඩා රතු සහ කළු කුරුමිණියා ඔබේ සමට බරපතල හානි සිදු කළ හැකිය!

නයිරෝබි මැස්සා[Acid Fly] යනු

නයිරෝබි මැස්සා (රෝව් කුරුමිණියා ලෙසද හැඳින්වේ) ඇත්ත වශයෙන්ම මැස්සෙක් නොවේ එය Paederus කුලයට අයත් කුරුමිණියෙකි. වැසි කාලවලදී සහ උණුසුම්, තෙතමනය සහිත තත්වයන් තුළ වර්ධනය වේ.

අන්තරාදායක විෂ පවතින්නේ එහි විෂ සහිත හිමොලිම්ප් (පෙඩරින්) තුළය - කුරුමිණියා ඔහුට කරදයක් වූ විට මෙම සමේ ආසාදන ඇති කරන රසායනිකය සම මත මුදාහරී.

 ඔබ කෘමියාව සමේදි තලා දැමීමට උත්සාහ කලවිට කුමක් සිදුවේද?

ඔබ නයිරෝබි මැස්සෙකු ඔබේ සම මත තද කළ විට, ඌ විෂ ද්‍රව්‍යයක් නිකුත් කරයි, එය හේතුවෙන්

 දැඩි දැවෙන සංවේදනය(දැවිල්ල)

 රතු පැහැය සහ ඉදිමීම

 වේදනාකාරී බිබිලි හෝ වණ ඇතිවීම

 එම විෂ තවත් තැනක දැවටීමෙන් ඇතිවන තුවාල(නිරාවරණයෙන් පසු ඔබ ඔබේ ශරීරයේ තවත් කොටසක් ස්පර්ශ කළහොත්)ඇතිවේ.

එය පිළිස්සුම් හෝ ගෙඩි මෙන් පෙනෙන්නට පුළුවන, සහ දරුණු අවස්ථාවල දී, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය.

  ආරක්ෂිතව සිටින්නේ කෙසේද:

1. කිසි විටෙකත් කෘමියාව ස්පර්ශ නොකරන්න හෝ පහර නොදෙන්න - විශේෂයෙන්ම මොව්න්ගෙ විෂ ඇත්තේ හිස මත නොවේ.

2.  සතාව මෘදු ලෙස පිඹින්න හෝ කඩදාසි භාවිතයෙන් ඉවත් කරන්න.

3. ස්පර්ශය ඇති වුවහොත්, සබන් හා වතුරෙන් වහාම සෝදන්න.

4. විෂබීජ නාශක ක්‍රීම් ආලේප කර ප්‍රදේශය නිරීක්ෂණය කරන්න.

5.  බිබිලි හෝ දැවිල්ල උත්සන්න වුවහොත් වෛද්‍යවරයෙකු හමුවන්න.

---

ඔබට මෙම දැකිය හැකි ස්ථාන.

රාත්‍රියේ විදුලි පහන් අසල (මොවුන් බල්බ වලට ආකර්ෂණය වේ).

බිත්ති, ජනෙල් වීදුරු, මදුරු දැල් හෝ සම මත.

විශේෂයෙන් තද වැසි අතරතුර හෝ පසුව ඔබට මෙම සතුන් නීරීක්ෂණය කල හැකිය.

උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්
 R.M.S.D Rathnayake
Health Entomology officer

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post