මරණ 2යි – ස්වසන රෝගීන්ගෙන් 13%කට නව කොරෝනා

රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසයි.

එසේම මෙරට වෛරස් විද්‍යායතනයට අනුව ස්වසන රෝගීන්ගෙන් 9%-13% අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය හේතුවෙන් කොවිඩ් ආසාදනය වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .

“ලංකාවේ දැනට වෛරස් විද්‍යාතනයෙන් පවසන ආකාරයට, ස්වසන රෝගීන්ගේ 9% – 13% අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය නිසා කොවිඩ් ආසාදනයවී තියෙනවා. මෙම කොවිඩ් ආසාදනය ඉතාම අඩු බැරෑරුම් තත්ත්වයක පවතින්නේ. හානිකර තත්ත්වයන් ඉතාම අවමයි. නමුත් අවුරුදු 65ට වැඩි ප්‍රතිශක්ති අඩු, ඒ රෝගීන්ට මේක බැරෑරුම් වෙන්න පුළුවන්. එහෙම අය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලංකාවේ මරණ දෙකක් වෙලා තියෙනවා. දෙන්නම සංකූලතා තිබුණ අය. දැනට ඒ හැරුණම වෙන අපිට බැරෑරුම් තත්ත්වයක් නැති නිසා අනවශ්‍ය කලබලවීම් වෙන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂිත කණ්ඩායම් මේ ගැන සැලකිලිමත් විය යුතුයි.” නව ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post