
මේ දවස්වල පවතින වැසි තත්වයත් එක්ක නායයෑමේ අනතුරු ඇඟවීම් තවත් ප්‍රදේශවලට කිහිපයකට නිතුක්කර තිබෙනවා...
මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් ආරංචියක්..
දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට නායයෑම් පිළිබඳ අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට නායයෑම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර 50-60) ක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර 30-40) ක් පමණ විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
උතුරු - මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි. මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ...