බැසිල් ගැන ඇහෙන මේ අලුත් කතාව මොකද්ද ?

මාතර බ්‍රවුන්සිල් ප්‍රදේශයේ අක්කර 1.5ක ඉඩමක් මිලියන 50ක් යොදවා මිලදී ගැනීම සම්බන්ධව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව අද (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවනු ලැබුවා.

එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණය වෙත දන්වා තිබුණේ බැසිල් රාජපක්ෂ අසනීපව විදේශගතව සිටින බවයි.

ඒ අනුව, අදාල නඩුව නොවැම්බර් 21වනදා තෙක් කල් තැබීමටයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස නියෝග කරනු ලැබුවේ.

බැසිල් රාප්පක්ෂගේ බිරිදගේ සොයුරිය වන පුණ්‍ය කාන්ති යන අයගේ නමට මාතර බ්‍රවුන්සිල් ප්‍රදේශයේ අක්කර 1.5ක ඉඩමක් රුපියල් මිලියන 50ක් යොදවා මිලදී ගැනීම සම්බන්ධව 2017 වසරේ FCID නිළධාරීන් විසිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload