රටම හඬවමින් බන්ධනාගාර ගැටුමින් දිවි පිදූ වීරයන් ගැන ඇහෙන කඳුළු කතා


කොළඹ රිමාන්ඩ් බන්ධානාගාර අධිකාරිවරයා විසින් මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරින් හත් දෙනාගේ දේහයන්ට ගෞරව දැක්වීම වෙනුවෙන් එම දේහයන් අද (07) දින රාත්‍රීයේ සිට හෙට (08) දින තෙක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන්ගේ අවන්හලේ තැන්පත් කර ඇති බව දැනුම් දෙයි.

ඒ අනුව එම ගැටුමෙන් ‍මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයකු ඇතුළු නියාමකවරුන් හත් දෙනකු මිය ගියා. මෙසේ දිවි අහිමි වූයේ සැරයන් ආර්.පී.ආර්. සංජීව, සැරයන් බී.එන්.එන් තරංග, සැරයන් ටී.එන්.ආර් තිලකසිරි, පළමු පෙළ ජේලර් එස්.එච්.ජී චන්ද්‍රවංශ, සැරයන් ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර, සැරයන් එස්.ඩී.එස් අබේවර්ධන, සැරයන් ඒ.ඩී තරංග යන නිලධාරීන්ටයි.

එමෙන්ම මෙම ගැටුමෙන් තුවාල ලබා මිගමුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව 12ක්. එසේ මේ වන විට මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරින් නම්, ඩබ්. පී. සිරිවර්ධන, කේ. එස්. ප්‍රිදර්ශණ, ප්‍රභාත් තාරක, එම්. කේ. රත්නායක, කවීශ, ආර්. ඒ. එස්. පී. රාජපක්ෂ, සචින්ත ගුණවර්ධන, හේරත් තරංග, කේ. බි. ජි. චාමර, අර්. ඒ. කේ. රත්නායක, පි. එම්. ඊ. ඩී. රාජා, එස්. ආර්. විරසිංහයි. රටම කම්පා කළ මෙම සිදුවීම සමඟ දිවි අහිමි වූ නිලධාරීන්ගේ පවුල්වලින් ද ඇසෙන්නේ ඉතා සංවේදීහනක පුවත් වේ.

ඒ අනුව මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් 41 හැවිරිදි ඩිලාන් ශ්‍රී අභයවර්ධන නිලධාරියා කුරුණෑගල, වත්තේගෙදර, කොහිලේගෙදර ලිපිනයේ පදිංචිව අයෙක් වූ අතර ඔහු, නාවික හමුදාවේ වසර දොළහක සේවයෙන් පසුව එයින් නිත්‍යනුකූලව ඉවත්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳී ඇත.

ඔහු බන්ධනාගාර සේවයට එක්වී ලබන අගෝස්තු මාසයට වසර පහක් සම්පූර්ණ වීමට නියමිතව තිබුණු බව සඳහන්. එසේම දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන ඔහුගේ බිරිඳ ගුරුවරියක වශයෙන් සේවය කරන බවත් වාර්තා වේ. කෙසේ වෙතත් ඔහුගේ මව වන ඒ. එම්. එස්. දමයන්ති පෙරේරා විසින් තම පුතුගේ මරණයත් ගැන හඬා වැටුණේ,

“මගේ පුතා නිවාඩු අරන් අද (07) ගෙදර ඉන්න හිටියේ. අනේ එයාට මෙහෙම දෙයක් වුණා. එයා එනකල් දරුවෝ බලාගෙන ඉන්නවා.” යනුවෙන් කියමින්.
එසේම මෙම සිද්ධියෙන් මරණයට පත්වූ බුලත්සිංහල දෙල්මෑල්ල අඹගහකන්ද පදිංචි දර්ශන තරංග අතුකෝරල බන්ධා පොලිස් නිලධාරියෙක් වශයෙන් සේවය කර ඇති අතර ඔහු වැලිකඩ බන්ධනාගාරයට අනියුක්තව රාජකාරී කළ අයෙක් බව සඳහන්. එමෙන්ම මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔහු මීගමුව බන්ධනාගාරයට ගොස් තිබෙනවා.

වාර්තා වූ ආකාරයට බුලත්සිංහල ජාතික පාසලේ ආදි සිසුවෙකු වන ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ අයෙක්. පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ සහොදරියක් සිටින අතර, මෙසේ ජීවිතක්ෂයට පත්වූ තරංග පවුලේ බාලයායි. එමෙන්ම මීට වසර තුනකට පමණ පෙර විවාහ පත්ව ඇති ඔහුට දාව වයස මාස හතක කුඩා දියණියක් ද සිටින බව සඳහන්.

ඔහුගේ මව සඳහන් කළේ, "කතා කළා.. කතා කළා ෆෝන් එක උස්සන්නේ නෑ, අනේ මට කෝල් එකක් තව වෙනකන් දුන්නේ නෑ.."
එමෙන්ම මෙම සිද්ධියෙන් මරණයට පත්වූ අනුරාධපුර, රැබෑව, අඹගහවැව, පිහිඹියගොල්ලෑව පදිංචි 42 හැවිරිදි තිලකසිරිගේ නිලක්ෂ රුවන් තිලකසිරි නිලධාරියා ද, නාවික හමුදාවේ සේවය කර වසර 12ක කාලය අවසන් කර ඉන් ඉවත් වී බන්ධනාගාර නියාමකවරයෙකු වශයෙන් සේවයට එක්ව ඇත.

පිරිමි සහෝදරයෙකු සහ ගැහැණු සහෝදරියෙකගෙන් සමන්විත පවුලේ දෙවනියා වූ ඔහු වැලිකඩ, අගුණුකොල පැලස්ස, මහර, මඩකලපුව යන බන්ධනාගාරවල වසර 05ට ආසන්න කාලයක් සේවය කරමින් සිට තිබූ බවයි සඳහන්.

මේ අතර ඔහුගේ පුත්‍රයකු වන ජේ. රංජිත් බණ්ඩාර ප්‍රකාශ කළේ ගම්මානයේ මෙන්ම මුළු ප්‍රදේශයේ කා අතරත් ආදරයට පාත්‍ර වූ ඔහු, ඉතාමත් නිහතමානී අයකු බවයි.

“එයා හිටියේ වැලිසර. ඊට පස්සේ මේ සිද්ධිය නිසා තමයි එයාට මීගමුවට යවලා තියෙන්නේ. ගෙදර එන්න හිටිය එයාගේ දෛවය තමයි ඒ. අපි අද එයාගේ බොඩි එක දකිනකල් විශ්වාස කළේ නෑ. අපි හිතුවේ අපේ පොඩි මාමා එයි කියලා. එයා වැඩ කළේ මිනිස්සු වෙනුවෙන්. එයාගේ උපන් දිනය තිබුණේ මේ මාසේ. එයාට වයස අවුරුදු 40 ලබන්න තිබුණේ. ඊට කලින් එයා ගියා.”
එසේම ඔහුගේ මව, තම පුත්‍රයා ගැන කිව්වේ, “එයාගේ බාප්පා නැති වුණා. එයා මරණෙට ඇවිත් ගියා. දානෙට ආවේ නෑ. අනේ මගේ රත්තරන් පුතා. එදා උදේ දහයට විතර එයාගේ නෝනාට කතා කරලා තියෙනවා. පස්සේ කතා කරාම ෆෝන් එක ඉස්සුවේ නෑ. ඊට පස්සේ අපි පොලිසියට ගියා ඒක අහන්න. ඊට පස්සේ කකුල තුවාල වුණා කියලා විතරයි කිව්වේ. ඊට පස්සේ අපි කොළඹ යන්න ලැස්ති වුණා. අපේ මල්ලි පොලිසියට යද්දි දිග සුසුමක් හෙළුවා. මට ඒක අමුත්තක් වගේ දැනුණා. ඊට පස්සේ එයාලා කොළඹ ගියා. ඊට පස්සේ තමයි අපි දන්නේ.”
එසේම මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ තවත් නියාමකවරයෙක් වූ රාජපක්ෂ පතිරණගේ රොෂාන් සංජීව නිලධාරියා දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ නිවැසියන් කියා සිටියේ ඔහු, කොළඹ බන්ධනාගාරයේ සිට හදිසි රාජකාරිය ආවරණය මත 06 වැනිදා දහවල් දෙකට පමණ මීගමුව බන්ධනාගාරය වෙත ගොස් තිබූ බවයි.

එසේම ඔහුගේ අවසන් කටයුතු මුගුරුගම්පල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සම්පූර්ණ ගණන 85ක් වූ අතර ඊට පොලිස් නිලධාරින් තිදෙනෙක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හය දෙනෙක් මෙන්ම රැඳවියන් 59 දෙනෙක් ඇතුළත් විය.

එසේම මෙම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් හත් දෙනා ඇතුළුව 27 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post