අද රාත්‍රියේ අහස ආලෝකවත් කරන මහා ආලොක වැස්ස නිරීක්ෂණය කිරීමට හොඳම වෙලාව මෙන්න


අද රාත්‍රියේ අහස දෙස බලන ඔබට, විශ්වයේ අපූර්වතම ආලෝක සන්දර්ශනයක් දැකගන්නට ලැබෙන පුවතක් මේ වනවිටත් සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. 

මෙය නිකම්ම නිකම් උල්කාපාත වර්ෂාවක් නෙවෙයි.. දශක ගණනාවකට පසු අහසේ ඇඳෙන සොඳුරු සිතුවමක් බඳු වූ ඊටා ඇක්වාරිට්ස් (Eta Aquariids) උල්කාපාත වර්ෂාවයි.

අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසන පරිදි, මෙම උල්කාපාත වර්ෂාව වඩාත් තේජාන්විතව දිස්වන්නේ හෙට (06) අලුයම 4:00 ත් 5:00 ත් අතර කාලයේදීය. එනම්, අලුත් දවසක් උදාවන්නට මොහොතකට පෙර, සොබාදහම ඔබට ලබා දෙන සුවිශේෂී තෑග්ගකි.

මෙම උල්කාපාත වර්ෂාවේ මුල් ආරම්භය දිස්වන්නේ කුම්භ තාරුකා රාශිය ආශ්‍රිතවයි. නැගෙනහිර අහස දෙස මොහොතක් නෙත් යොමා සිටියහොත්, එකා පිට එකා ඇඳී යන රිදී පැහැති ආලෝක ධාරාවන් ඔබේ නෙත ගැටෙනු නොඅනුමානයි. විශේෂත්වය වන්නේ මේ සඳහා කිසිදු දුරදක්නයක් හෝ නවීන උපකරණයක් අවශ්‍ය නොවීමයි.. පියවි ඇසින්ම මේ සොඳුරු දසුන විඳගැනීමට ඔබට හැකියාව පවතිනවා.

හෙට අලුයම නැගෙනහිර දෙසට මුහුණ ලා සිටින්න.
නගරයේ විදුලි පහන් ආලෝකයෙන් මිදී, හැකි තරම් අඳුරු ස්ථානයක සිට නිරීක්ෂණය කරන්න.
ඇස් අඳුරට හුරු වීමට විනාඩි 10-15ක් පමණ ගත වන බැවින්, ඉවසීමෙන් යුතුව අහස දෙස බලා සිටින්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post