
ලෝකයම කම්පා කළ කොරෝනා වසංගතයේ මතක තවමත් මැකී නොමැති අතර, නැවතත් භයානක වෛරසයක් ලෙස හැන්ටා වයිරසය (Hantavirus) පැතිර යාම සම්බන්ධයෙන් නව කනස්සල්ලක් උද්භව වී ඇත.
අත්ලාන්තික් සාගරයේ සංචාරයක් සඳහා පිටත් වූ සංචාරකයින්ට අනපේක්ෂිතව මෙම වෛරස ආසාදන තත්ත්වයට මුහුණ දීමට සිදු වී තිබේ. මාර්තු මාසයේදී ආර්ජන්ටිනාවෙන් පිටත් වූ 'MV Hondius' නෞකාවේ හැන්ටා වයිරසය පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි
එම නෞකාවේ මගීන් අතරින් දෙදෙනෙකුට වෛරසය තහවුරු වී ඇති අතර, තවත් පස් දෙනෙකුට රෝග ලක්ෂණ පවතින බව සැක කෙරේ. මෙම සිද්ධිය හේතුවෙන් ලන්දේසි යුවළක් සහ ජර්මානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත් වී ඇත.
මගීන් 150කට ආසන්න පිරිසක් තවමත් නෞකාවේ සිරවී සිටින අතර, ඔවුන් අතර දැඩි භීතියක් පවතින බව වාර්තා වේ. එසේම, අසාධ්‍ය තත්ත්වයේ සිටි බ්‍රිතාන්‍ය මගියෙකු බේරාගෙන දකුණු අප්‍රිකාවේ රෝහලක දැඩි ප්‍රතිකාර යටතේ රැකවරණය ලබමින් සිටින බව ද තොරතුරු අනාවරණය වෙයි.
