
ඒ, අද (මැයි 27) රාත්‍රී කාලයේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 12ක දීර්ඝ ජල කප්පාදුවක් ගැන තමයි මේ කියන්න යන්නේ..
ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල පදිංචි අපේ කියවන්නන්ට මෙන්න අත්‍යාවශ්‍යම සහ ඉතාමත් වැදගත් පුවතක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා.
ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කරන පරිදි, ජල සැපයුම අත්හිටුවීම සිදුවන්නේ මේ ආකාරයටයි.
ආරම්භය: අද (27 වැනිදා) සවස 7.00 සිට
අවසානය: හෙට (28 වැනිදා) පෙරවරු 7.00 දක්වා
රෑ කෑම උයන පිහින වෙලාවේ ඉඳන් උදේ ලෑස්ති වෙන වෙලාව වෙනකම්ම වතුර නැතිවෙන නිසා, ප්‍රදේශවාසීන්ට සිද්ධ වෙන අපහසුතාවය මඟහරවා ගන්න දැන් ඉඳන්ම අවශ්‍ය කරන වතුර ටික එකතු කරලා තියාගන්න එක තමයි නුවණට හුරු වෙන්නේ.
හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මේ විදිහට එකපාරටම වතුර කපන්නේ කියලා. මේකට හේතුව තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවන මහා පරිමාණ ඉදිකිරීම් කටයුතු.
එම අධිවේගී මාර්ගයේ වැඩකටයුතුවලට බාධාවක් වන ප්‍රධාන ජල නළ පද්ධතියක් විතැන් කිරීමේ (මාරු කිරීමේ) අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් මේ වෙනකොට සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒ කාර්යය සාර්ථකව නිම කරන්න නම් අනිවාර්යයෙන්ම ජල සැපයුම නවත්වන්න සිදුවන බවයි ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටින්නේ.
