
ප්‍රදේශ කිහිපයකට උණුසුම් සහිත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අද (23) පස්වරු ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේනදය හෙට (24) දිනය සඳහා වලංගු වන ආකාරයට නිකුත් කර තිබෙනවා.
අඳාළ නිවේදනයේ උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු " මට්ටමක පැවතිය හැකි බව දන්වා ඇත.
එබැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.