
මේ කියන්න යන්නේ පවතින කාලගුණ තත්ත්වය ගැන තවත් වෙනස් ආරංචියක්..
අප්‍රේල් මාසය වනතුරු කාලගුණයේ වෙනසක් දකින්නට හැකියාවක් ලැබේවිද..? මේ විශේෂ කතාව අන්න ඒ ගැනයි..
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සුළගේ වේගය ද අඩු ස්වභාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම තත්ත්වය තුළ අධික වෙහෙසකින් යුතුව වැඩකටයුතු කරන පුද්ගලයින් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් විය යුතු බවත්, වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
එමෙන්ම අද පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ උපරිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වී ඇත. එහි අගය සෙල්සියස් අංශක 36.4ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.1ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බවයි වාර්තා වෙන්නේ.