ඉරානයේ තවත් නැවක්: ජීවිත ගලවාගන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක්


ඉරානයට  අයිති තවත් නැවක් ශ්‍රී ලංකා ජල තීරයට ආසන්න විශේෂ ආර්ථික ජල තීරයේ පවතින හෙයින් ඒ ජීවිත ආරක්ෂා කිරීමට   රජය උපරිම  ලෙස   මැදිහත්වී  සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ කටයුතු අවසන් වූ වහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙම ප්‍රකාශය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ඉරානයේ තවත් නැවක් කොළඹ වරායට නුදුරු ප්‍රදේශයක නැංගුරම්ලා ඇති  බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්දැයි විමසූ අවස්ථාවේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post