
මුළු රටේම අවධානය වෙනත් දෙසකට යොමුව තිබියදී, ඩෙංගු මාරයා නිහඬවම මෙරට වැසියන් දහස් ගණනක් සිය ගොදුරු බවට පත් කරගනිමින් සිටින බවට භීතිකාජනක පුවතක් වාර්තා වෙනවා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් නිකුත් කළ අලුත්ම දත්ත වාර්තා අනුව තත්ත්වය සිතුවාට වඩා අතිශය බරපතලයි.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය කළ විශේෂ අනාවරණයකට අනුව, වසරේ මේ දක්වා ගතවූ කෙටි කාලය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 13,416ක් වාර්තා වී තිබෙනවා. වඩාත්ම කනගාටුදායක පුවත වන්නේ මේ වන විටත් ජීවිත 4ක් ඩෙංගු මාරයා විසින් බිලිගෙන තිබීමයි.
ඩෙංගු වසංගතය ලැව්ගින්නක් සේ පැතිර යන ප්‍රධානතම කලාප ලෙස සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයි. මීට අමතරව තවත් ප්‍රධාන දිස්ත්‍රික්ක තුනක් දැඩි අවදානම් කලාප ලෙස ගාල්ල, මාතර, රත්නපුර නම් කර තිබෙනවා.
ඔබට හෝ ඔබේ නිවසේ අයෙකුට උණ පවතින්නේ නම් එය සාමාන්‍ය වෛරස් උණක් යැයි සිතා කිසිසේත්ම නොසලකා හරින්න එපා. දින 2කට වඩා උණ පවතින්නේ නම්, නිවෙස් පිළියම් හෝ ෆාමසි වලින් ලබාගන්නා පෙති මත පමණක් විශ්වාසය නොතබා, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන ලෙසට සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.