ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්


මාර්තු මාසය සඳහා ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් 38,000 ක් ඇණවුම් කර තිබෙන බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන පැවැසීය. ලිට්‍රෝ සමාගම විසින් වෙළෙඳපොළට දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 1,700 බැගින් නිකුත් කෙරෙන බවද සභාපතිවරයා පැවැසීය.

මෙතෙක් කාලයක් සමාගම විසින් වෙළෙඳපොළට දිනකට නිකුත් කරනු ලැබුවේ ගෑස් මෙට්‍රික් ටොන් 1,200 ක් බවත්, මේ දිනවල ලාෆ් ගෑස් නිකුත් කිරීමේ ගැටලුවක් පවතින නිසා ලිට්‍රෝ සමාගම විසින් වෙළෙඳපොළට නිකුත් කරන ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,700 ක් දක්වා වැඩිකර තිබෙන බවත් ඔහු කීවේය. මීට අමතරව, ලාෆ් සමාගමෙන් ගෑස් ලබාගත් ප්‍රධාන පෙළේ හෝටල් කීපයකටද ලිට්‍රෝ සමාගම විසින් ගෑස් නිකුත් කරන බව සභාපතිවරයා පැවැසුවේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ලිට්‍රෝ සමාගම විසින් පෙබරවාරි මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් 28,000 ක් ආනයනය කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post