"දම්වැල් දාලා වේවැල් පාර දෙන්න පැයකට දහදාහයි.." හෝමියෝපති නාමයෙන් කළ විකෘති සායනය පොලිසිය ඉවර කරයි..


ලෙඩ සනීප කරන මුවාවෙන් මුල්ලේරියාවේ පවත්වාගෙන ගිය අමුතුම ආකාරයේ "විකෘති කාම මධ්‍යස්ථානයක්" වටලා එහි හිමිකරු සහ තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

මුල්ලේරියාව, අඹතලේ හන්දිය අසල දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලක පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානය, පිටතට දිස්වූයේ "හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානයක්" ලෙසිනි.

එහෙත් එහි සැබවින්ම සිදුව ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර නොව, පැමිණෙන පුද්ගලයන්ගේ විකෘති කාමාශාවන් පිනවීම සඳහා පහසුකම් සැලසීම බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන් අධිකරණ වරෙන්තුවක් සහිතව මෙම ස්ථානය වටලන අවස්ථාවේදී එහි තිබී සොයාගත් උපකරණ දැකීමෙන් ඕනෑම අයෙකු මවිතයට පත් වේ. ඒ අතර:
ප්ලාස්ටික් හා රබර් ලිංගික අවයව තොගයක්
වේවැල්, දම්වැල් සහ මාංචු
විවිධ වර්ගයේ ලණු, කඹ සහ රබර් පටි
මෙම උපකරණ භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ගේ විකෘති ලිංගික ආශාවන් ඉටුකිරීම සඳහා එහි සිටි කාන්තාවන් කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළි ව තිබෙනවා.

මෙම ස්ථානයට පැමිණෙන පුද්ගලයන්ගෙන් පැයක කාලයක් සඳහා රුපියල් 7,000 සිට 10,000 දක්වා මුදලක් අය කර ඇති බව වාර්තා වේ.

පොලිස් උපාය දූතයෙකු රුපියල් 7,000ක මුදලක් ගෙවා සේවාව ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ලබාදුන් සංඥාවක් අනුව මෙම සාර්ථක වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මධ්‍යස්ථානයේ හිමිකරු සහ හොරණ, මෝදර හා හංවැල්ල ප්‍රදේශවල පදිංචි කාන්තාවන් තිදෙනෙකු වේ.

මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post