.jpg)
රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථ රියදුරෙකුට කණ්ඩායම් පහරදීමක් සිදුකළ බවට චෝදනා ලැබූ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියකගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හත් දෙනා සම්බන්ධයෙන් අද (20) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් විශේෂ නියෝගයක් නිකුත් වුණා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා විසින් සැකකරුවන් හත් දෙනාම ඇප මත මුදා හැරීමට නියෝග කළා. එහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙක බැගින් නියම වූ අතර, බාලවයස්කාර සැකකරුවන්ගේ ඇපකරුවන් ලෙස ඔවුන්ගේ දෙමාපියන් පෙනී සිටිය යුතු බවටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
අද දින බන්ධනාගාර නිලධාරීන් විසින් මුහුණු ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කෙරුණා. එහිදී පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරු විසින් සියලුම සැකකරුවන් අදාළ පහරදීම සිදුවූ ස්ථානයේ සිටි පුද්ගලයන් බවට නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.
පොලිස් විමර්ශන වලට අනුව මෙම පහරදීමට මුල් වී ඇත්තේ මීට මාස තුනකට පෙර සිදුවූ රිය අනතුරක්. අදාළ නිරූපණ ශිල්පිනියගේ පුත්‍රයාගේ හිතවතෙකු රාජගිරියේදී යතුරුපැදියකින් යමින් සිටියදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් වී ඇති අතර, එම සිද්ධියෙන් පසුව මෙම සැකකරුවන් පිරිස පැමිණ ත්‍රීරෝද රථ රියදුරුට පහර දී ඇති බව වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අචිනි උමයංගනා සහ නීතිඥ ඉමාශි සේනාධිර යන මහත්මීන් පෙනී සිටිමින් ඇප ඉල්ලීම සිදු කළා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප ලබා දෙමින්, විමර්ශන වල ප්‍රගතිය ලබන ජුනි 08 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිකඩ පොලිසියට නියෝග කර තිබෙනවා.