90 දශකයේ අතිශය ජනප්‍රිය නාට්‍ය මාලාවක ප්‍රධාන චරිතයට පණ පෙවූ ඔහු නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී..


ඔහුගේ නම කියූ සැනින් රසිකයින් බොහෝ දෙනෙක් ඔහුව හොඳින්ම හඳුනනවා.

කලක පටන් දරුණු පිළිකාවකින් පීඩා විඳි ඔහු ගැන අවසානයේ ඇසුණේ මෙන්න මේ වගේ අවාසනාවන්ත කතාවක්.

90 දශකයේ අතිශය ජනප්‍රිය වූ “Dawson’s Creek” යොවුන් නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ, ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් සුපිරි නළු ජේම්ස් වැන් ඩර් බීක් (James Van Der Beek) මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 48 වන වියේ පසුවූවා.

තමන් තෙවන අදියරේ මහාන්ත්‍ර පිළිකාවකින් (Stage 3 colorectal cancer) පෙළෙන බව වැන් ඩර් බීක් 2024 දී පවසා තිබුණා.

1977 වසරේ කනෙක්ටිකට් හි උපත ලැබූ වැන් ඩර් බීක්, පවුලේ දරුවන් තිදෙනාගෙන් වැඩිමලා විය.

මැද පාසල් වියේදීම රංගනයට ඇලුම් කළ ඔහු, වයස අවුරුදු 15 දී වෘත්තීය මට්ටමින් රංගන ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය බව සිය මවට පවසා තිබෙනවා.

පසුව ඔහු 1998 සිට 2003 දක්වා විකාශය වූ "Dawson’s Creek" හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා.

මෙහි ඔහු සමග කේටි හෝම්ස්, ජොෂුවා ජැක්සන් සහ මිෂෙල් විලියම්ස් ද රංගනයෙන් දායක වූවා.

රූපවාහිනී තිරයට අමතරව, ඔහු “Varsity Blues” (1999), “Texas Rangers” (2001) සහ “The Rules of Attraction” (2002) වැනි චිත්‍රපට හරහා ද සාර්ථකත්වයට පත් විය.

එමෙන්ම 2019 වසරේදී ඔහු “Dancing with the Stars” තරගාවලිය සඳහා ද සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post